සැවිටි පහරින් තැළුම් කන විට
සදළු තල සිට එබී බැලු නුඹ
උපන් ආලයේ නමින් ඔබ මට
වරම් දුන්නා දිවිය ගෙවනට
බැලූ බැලුවන් වශී කරවන
රුවින් අගතැන් කුමරියකි ඔබ
ඔබේ ආලය මට ම දෙන්නට
සිතුණි කෙළෙසද නොවැටහේ මට
රුදුරු වෙස්ගත් සොරෙකු වූ මට
නුඹේ ස්නේහය වැටහුණේ නැත
නමුත් නුඹ මට සිටු මැදුර තුළ
සුවය දුන්නා පතිනියක ලෙස
ප්‍රේම සිතුවිලි වලට වැඩියෙන්
මෝදු වුණෙ මගේ රුදුරු හැඟුමන්
ආලේ පසකට තබා එබැවින්
නුඹ නසන්නට සිතුවා නිතැතින්
මගේ සොරසිත නිසාවෙන් මට
ඔබේ නිකැළැල් ප්‍රේමේ අභියස
නොහැකි වුණි මට ආලෙ විදිනට
කුණ්ඩලකේශිය සමාවෙයන් මට
කව්‍යාංජලී ✍️❤️