Tuesday 6 June 2023

වැස්ස

 


වැටෙන්නට පෙරාතුව

හීන් හිරිපොද 

හමන නැවුම් සුවඳ මෙන්

ඔබත් වන්න නැවුම් සුවඳක්

තවත් සිතකට සතුට කැන්දන


ගතසිත පුබුදුවමින්

වැටෙන හීන් පිනිපොද මෙන්

ඔබත් වන්න පිනිබිඳුවක් 

තවත් අයෙකුට සතුට කැන්දන


බිඳුණු හැඟුමන් අවුස්සන

නවමු හැඟුමන් පුබුදුවන

වැස්ස මෙන්

ඔබත් වන්න වැස්සක්

තවත් සිතකට සතුට කැන්දන


දිවි අහිමි කරමින්

ගලන රුදුරු වරුසාව මෙන්

එපා වන්නට මුරුගසන් වැස්සක්

තවත් සිතකට දුකක් කැන්දන


        කව්‍යාංජලී ✍️❤️

          

1 comment:

ගැහැණිය නොවෙද වස්තුව මිහිපිට සිටින

අපමණ වේදනා මැද මව්කුස තුළින     ලොව දුටු ඇය ද හෙට දින මතු මවක් වන හිරිමල් සිනා මවමින් ලොව බබළවන දියණිය ඇයයි නිවසට සිරිදුව ගෙනෙන පුලින තලා මත...