Sunday 11 June 2023

කන්ද උඩරට නුඹයි ස්නේහ නඟරය අපට



වැව රවුම සිසාරා හමා යන මඳ පවන

එක්ක මුසු වී නැගේ රොබරෝසි මල් සුවඳ

හීන් හීතල එක්ක වැටෙන විට පොද වැස්ස

පොපියවයි පෙම් හැඟුම් මගේ හිත කිති කවන


හන්තාන කඳු මුදුන වටේ පිරි සිරියයි

මහවැලිය දෙපස මැද ගැටඹෙ බෝ සමිඳුයි 

තේජසින් නෙත් වැකෙන උතුම් දළදා මැදුරයි

දළදාවේ තේවාව ඇසෙන මහනුවරයි


අත්  පටලා නුඹ මමත් මේ මගේ ගිය තරම්

පෙම් හීන සිත් දරන් අපි ආලේ කළ තරම්

පොද වැස්සේ සීතලට තුරුලු වී සිටි තරම් 

තව දන්නේ වෙන කවුද මහනුවර නුඹ තරම්


පෙම් පිරුණු සොඳුරු සිත් එකට එක යා කරන

පෙම් හැඟුම් මෝදුවන හැඟුම් නිති අවුස්සන

දස දහස් පෙම්වතුන්ගේ රහස් නිති දන්න

කන්ද උඩරට නුඹයි ස්නේහ නඟරය අපට


කව්‍යාංජලී ✍️❤️ 



7 comments:

ගැහැණිය නොවෙද වස්තුව මිහිපිට සිටින

අපමණ වේදනා මැද මව්කුස තුළින     ලොව දුටු ඇය ද හෙට දින මතු මවක් වන හිරිමල් සිනා මවමින් ලොව බබළවන දියණිය ඇයයි නිවසට සිරිදුව ගෙනෙන පුලින තලා මත...