Saturday 27 May 2023

කුණ්ඩලකේෂිය සමාවෙයන් මට



 සැවිටි පහරින් තැළුම් කන විට

 සදළු තල සිට එබී බැලු නුඹ

 උපන් ආලයේ නමින් ඔබ මට

 වරම් දුන්නා දිවිය ගෙවනට


 බැලූ බැලුවන් වශී කරවන 

 රුවින් අගතැන් කුමරියකි ඔබ

 ඔබේ ආලය මට ම දෙන්නට

 සිතුණි කෙළෙසද නොවැටහේ මට


 රුදුරු වෙස්ගත් සොරෙකු වූ මට

 නුඹේ ස්නේහය වැටහුණේ නැත

 නමුත් නුඹ මට සිටු මැදුර තුළ

 සුවය දුන්නා පතිනියක ලෙස

  

 ප්‍රේම සිතුවිලි වලට වැඩියෙන්

 මෝදු වුණෙ මගේ රුදුරු හැඟුමන්

 ආලේ පසකට තබා එබැවින්

 නුඹ නසන්නට සිතුවා නිතැතින්

 

 මගේ සොරසිත නිසාවෙන් මට

 ඔබේ නිකැළැල් ප්‍රේමේ අභියස

 නොහැකි වුණි මට ආලෙ විදිනට

 කුණ්ඩලකේශිය සමාවෙයන් මට

   

  කව්‍යාංජලී ✍️❤️

3 comments:

ගැහැණිය නොවෙද වස්තුව මිහිපිට සිටින

අපමණ වේදනා මැද මව්කුස තුළින     ලොව දුටු ඇය ද හෙට දින මතු මවක් වන හිරිමල් සිනා මවමින් ලොව බබළවන දියණිය ඇයයි නිවසට සිරිදුව ගෙනෙන පුලින තලා මත...